Wednesday, July 4, 2012

කිලුටුකම
කාමමිථ්‍යචාරය නොකරවයි කී බව නුඹලා අසා තිබේ.නමුත් මම නුඹලා කියමි.ස්ත්‍රියෙකු දෙස රාගයෙන් බලන කවරෙක් නුමුත් එවේලේම ඈ සමග සිතින් කාමමිථ්‍යචාරය කෙළේ ය.නුඹේ දකුණු ඇස නුඹට බාධාකෙරේ නමි,ඒක උගුළා අහකට දමාපන්න.මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයෙහි හෙළනු ලැබීමට වඩා,නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.නුඹේ දකුණු අත නුඹට බාධාකෙරේ නමි,ඒක කපා අහකදමාපන්න.මක්නිසාද නුඹේ මුළු ශරීරය නිරයට යාමට වඩා,නුඹේ අවයවවලින් එකක් නැතිවීම නුඹට යහපත.ඇරත් තමාගේ භර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත් හැරීමි පත්‍රයක් දේවයි කියා තිබුණේය.මම නුඹලාට කියමි.වේශ්‍යාකමට මිස වෙන කාරණයකට තමාගේ  භර්යාව අත්හරින කවරෙක් නුමුත් ඇය කාමමිථ්‍යචාරයට පමුණුවන්නේ ය.යමෙක් අත්හරිනු ලැබූ ඇය  විවාහකරගන්නනේ නම් ඔහුත් කාමමිථ්‍යචාරය කරන්නේ ය.

No comments:

Post a Comment